Home » Isuru Weerarathna (page 5)

Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

නායකත්වයේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකා පොඩ්ඩන් ඉන්දියාව පරාජය කරයි..

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඉන්දියා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට අද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුනේ ඉන්දියා යොවුන් කණ්ඩායම හමුවේ මෙම තරඟවාරයේ ලබාගත් පළමු ජයග්‍රහණය වාර්තා කරමිනි. තරඟයේ කාසිය වාසිය දිනාගත් ඉන්දියා 19 න් පහල කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර එම තීරණයට අභියෝග කල ශ්‍රී ලංකා …

Read More »

දකුණු අප්‍රිකාවේ නම රැකගත්ත පිතිකරුවා කියපු අපුරු කථාව..

ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතරේ එක්දින තරඟාවලියත් මේ වෙද්දී ආරම්භ වෙලා තියෙන්නේ,ටෙස්ට් තරඟාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ නම ආරක්ෂා කරගන්න සමත් වුනේ ශ්‍රී ලංකාවට ආපු කෝඩු කාරයෙක්,ටෙස්ට් තරඟාවලිය අවසානයේ තමන්ගේ ශතකය,ලංකාවට ආවට පස්සේ ඇති කරගත්ත අරමුණ වගේම අනාගත බලාපොරොත්තුව ගැනත් මේ පිතිකරුවා කිව්වේ මෙහෙම කථාවක්..

Read More »

ලොක්කන් පරදිද්දී පොඩ්ඩන් දකුණු අප්‍රිකාවට පහර දෙයි..

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන් ක්‍රිකට් සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වෙද්දී ජාතික කණ්ඩායමට වරම් නොලැබූ ක්‍රීඩකයන් ලැබූ ජයග්‍රහණය සුවිශේෂී වන්නේ තරඟයේ අවසාන දින දෙකේ ශ්‍රී ලංකාව තරඟයට දැඩිව ප්‍රවේශ වීමත් සමඟය. …

Read More »

එක්දින තරඟාවලියේ වෙනදේ ගැන නායකයන් දෙන්න කියන දේ මෙන්න…

ගෙවීගිය වසර 10 කට ආසන්න කාලයේදී පැවැති ලෝක කුසලාන තරගාවලි තුනෙන් දෙකකදීම අවසන් මහ තරගයට සුදුසකම් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2015 ලෝක කුසලාන තරගාවලියේදීත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. එහෙත් එතැනින් ඔබ්බට ශ්‍රී ලංකා එක්දින පිලට තිබුණේ සාර්ථක ගමනක් නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායම වසර 4 ක් ඇතුළත එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි තැන සිට 8 වැනි ස්ථානය දක්වා ඇදවැටී …

Read More »

එක්දින තරඟාවලියටත් ටෙස්ට් තරඟාවලියේ සැලසුම වෙනස් නොවන ලකුණු..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර එක්දින තරඟාවලිය මේ මස 29 වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ශ්‍රී ලංකා එක්දින සංචිතයද අද මාද්‍යයට නිකුත් විය. මෙම තරඟාවලිය සඳහා නම් කල සංචිතය දෙස බලන විට ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකාව යොදාගත් දඟපන්දු යවන්නන් මගින් ප්‍රතිවාදීන් දමනය …

Read More »

“එහෙ එන්න අපි දඟ කැවෙන තණතිලි දෙන්නම්”-ඩුප්ලෙසි කියයි.

නිමාවූ  තරගාවලිය 2-0 ක් ලෙසින් පරාජය වූ නමුත් ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට පැමිණි පසු මෙම පරාජයේ වාඩුව ගන්නා බව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් ඉඟි කරයි. කොළඹ එස්.එස්.සී. පිටියේදී අද ලැබූ ලකුණු 199 ක පරාජයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායකයා එසේ ඉඟි කර සිටියේය. “ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ දකුණු …

Read More »

“මේකත් ගාල්ලේ එක වගේම තමයි..”-දකුණු අප්‍රිකා නායකයා කියයි..

වසර 12 කට පසුව දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් තරගාවලියක් ජයගැනීමේ සිහිනය දකිමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදීත් දඟ පන්දුවට මුහුණ දීම සඳහා සංචාරයකන් සතු හැකියාව පරීක්‍ෂා කිරීමට සුදානමින් සිටී. එස්.එස්.සී. ක්‍රීඩාංගණ තණතීරුව පිතිකරුවන්ට මෙන්ම වේග පන්දු යවන්නන්ටත් වැඩි සහයෝගයක් දක්වා ඇති බවට ඉතිහාසය පුරාම සාක්ෂි ඇති නමුත් මේ වතාවේදී දඟ පන්දු යවන්නන්ට වඩාත් …

Read More »

තිසරගේ ශතකය සහ දඟ පන්දු යවන්නන්ගේ පන්දු හමුවේ බංගලියන් දණ නමයි..

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බංගලාදේශ A කණ්ඩායම අතර පැවැත්වුන දෙවන එක්දින තරඟයේ ජයග්‍රහණය ලබා ගනිමින් තරඟාවලියේ ප්‍රතිපලය තීරණය කිරීම තෙවන තරඟය දක්වා ගෙන යන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ තිසර පෙරේරාගේ විශිෂ්ට ඉනිම සහ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතාවයන් සමඟය. කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 44 …

Read More »

ඉන්දියාවට එංගලන්තයෙන් හොඳ පිළිතුරක්..

ජෝ රූට් (නොදැවී 100) සහ ඔයින් මෝගන් (නොදැවී 88) එක්ව තෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 186 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (17 වැනිදා) සමත්විය. ලීඞ්ස්හිදි පැවැති තෙවැනි එක්දින තරගයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ජයග්‍රහණය සඳහා …

Read More »

බංගලියන් හමුවේ ශ්‍රී ලංකාව පරදින්නට වැරදුනේ කොතැනද…

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංගලාදේශ ඒ කණ්ඩායම අතර ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු නිලනොවන එක්දින තරගයේදී ලකුණු 2 ක තියුණු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමත්විය. මේ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමත්විය. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ …

Read More »