Home » දේශීය පිටිය

දේශීය පිටිය

local-cricket-news

කමිඳු දෙවන වතාවටත් වීරයා වෙමින් ශ්‍රී ලංකාවට දෙවන ජයග්‍රහණයත් ලබාදේ..

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි තරගය ලෙස ඇෆ්ගනිස්තාන නැඟී එන කණ්ඩායමට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී අවසන් ඕවරයේ දෙවැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියහ. අවසන් පිතිකරුවන් …

Read More »

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ට ලකුණු 109 ක ජයක්..

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 109 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 325 ක ඉලක්කයක් හඹාගිය ඕමාන් කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 215 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු …

Read More »

තයිබු ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියට එකතුවේ..

සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටටෙන්ඩර් තයිබු 2018/2019 පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය නියෝජනය කිරීමට පැමිණ ඇති අතර ඔහු සිය පළමු පුහුණු සැසියට ඊයේ සහභාගි විය. මෙවර පළමු පෙළ තරගවාරයේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් සියලූම තරගවලට සහභාගි වන බව සිම්බාබ්වේ හිටපු නායකයා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. ‘‘මට ආයිත් පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න උවමනාවක් තියෙනවා. එ් නිසා මම …

Read More »

එංගලන්තය ජයග්‍රහණයෙන්, වසර 55 ක වාර්ථාවක් අලුත්වේ…

ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අයිතිකරුවන් වුවත් කිසිදාක ශ‍්‍රී ලංකාවේදී නොලද සම්පූර්ණ ටෙස්ට් තරගාවලි  3-0 ජයක් වාර්තා කළ එංගලන්ත පිල ඊයේ (26) දා* එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් සත්කාරකයන්ව ලකුණු 42 ක පරාජයකට ඇද දැමුවේය. තම මව්බිමෙන් පිටතදී එංගලන්තය 3-0 කින් ටෙස්ට් තරගාවලියක් ජය ලැබුවේ වසර 55 කට පසුවීමද විශේෂත්වයකි. මීට පෙර ඔවන් මෙවැනි හපන්කමක් දක්වා ඇත්තේ 1963 වසරේදීය. ශ‍්‍රී …

Read More »

නවසීලන්ත සංචාරයට වෙනසක්..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි ඇතුළු තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුවක් පත් කරන්නට ක්‍රීඩා ඇමති වරයා තීරණය කර ඇත,ඒ අනුව නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපතිවරයකු වන අසන්ත ද මෙල් මහතා පත්කර තිබේ. එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ක්‍රීඩකයන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු, චමින්ද මෙන්ඩිස්, හේමන්ත …

Read More »

දිමුත්, ධනංජය සමඟ ගොඩනැගූ ඉනිම ශ්‍රී ලංකා මැදපෙළ විනාශ කර දමයි..

තරගාවලිය පරාජය වී තිබුණද ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගැනීමේ සටනක නිරතවූ දිමුත් කරුණාරත්න (83) සහ ධනංජය ද සිල්වා (73) ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අලුත් කළහ. එහෙත් තේ පානයෙන් පසුව තරගය තනි අතින් කණපිට පෙරළූ අදිල් රෂීඞ් සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැම්මේය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 240 කට දැවී ගිය අතර එංගලන්තයට ලකුණු …

Read More »

ධනුෂ්ක ගැන වැඩි අවධානයක්….

දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු සකස් කරමින් එංගලන්තයට බැට දීමට සූදානම් වූ නමුත් සියලු උපක්‍රම පාරාවළල්ලක් මෙන් ආපිට කැරකී ආවේය. තරග දෙකක් නිමාවේදීම ටෙස්ට් තරගාවලිය පරාජය විය. එහෙත් අසාර්ථක වූ පැරණි උපක්‍රමයම තුන්වැනි ටෙස්ට් තරගයේදීත් යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ. එංගලන්තයට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිත තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදීත් තමන් දඟ පන්දු යවන්නන්ට …

Read More »

දිනන්න බැරි මම නිසානම් මම යන්නම්..කළමනාකරු යන්න යයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා පත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු තනතුරෙන් චරිත් සේනානායක මහතා ඉවත් කර තිබේ. එසේ …

Read More »

චන්දිගේ තැන අසලංකට..

ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක්වූ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගි නොවන බව මේ වනවිට තහවුරු වී ඇත. ඒ අනුව එංගලන්තයට එරෙහි මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත. චන්දිමාල්ගේ පුරප්පාඩු වන පිතිකරණ ස්ථානය සඳහා …

Read More »

බංගලාදේශය සමඟ තරඟාවලියෙන් ශ්‍රී ලංකා ප්‍රබලයන් රැසක් හැලේ..

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරග දෙක සඳහා නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ නායකත්වය නැවත වරක් නිපුන් ධනංජය වෙත පැවරී ඇත. වෙන්නප්පුව ශාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරන නිපුන් ධනංජය පසුගියදා අවසන්වූ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමේද නායකත්වය දැරීය. නිල නොවන ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 5 ක් සඳහා …

Read More »