Home » කියපු කථා » බංගලියෝ අපට තවම පරණ බංගලියන් ම බව පෙන්වූ පසු චන්දිට ඇන්ජලෝ මතක් වෙයි…

බංගලියෝ අපට තවම පරණ බංගලියන් ම බව පෙන්වූ පසු චන්දිට ඇන්ජලෝ මතක් වෙයි…


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2017 වසරේ ලැබූ අමිහිරි පරාජයන් අමතක කරමින් 2018 වසර නව මුහුණුවරකින් ආරම්භ කල අතර,බංගලාදේශ කණ්ඩායම බංගලාදේශයේ පරාජය කිරීම අපහසු කාර්යයක් බවට පත්ව ඇති කාලයක තවමත් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම යනු ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවන බවට පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම් අද ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ඉතා සුබදායී ආරම්භයක් වනු ඇති බවට අපට පෙර නිමිති කිව හැක.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තුන්කොන් තරඟාවලිය ආරම්භ කලේද සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශය හමුවේ ලබාගත් පරාජයන් සමඟිනි.මෙම පරාජයන් මතින් නැවත නැගී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියේ ආරම්භයේ ශ්‍රී ලංකාවට සිටි ප්‍රබල අවි දෙකක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් අභාදයන් නිසා අහිමි වූ අතර නායකත්වය හිමි වුයේ පසුගිය කාලයේ එක්දින කණ්ඩායමෙන් ද නෙරපා සිටි දිනේෂ් චන්දිමාල්ටය.

චන්දිමාල් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳින් මෙහෙයවන අකාරය දැකගත හැකි වූ අතර ආරක්ෂාවට වඩා ආක්‍රමණය තම අවිය ලෙසින් යොදාගත් චන්දි තරඟාවලියේ අවසන් තරඟයේ සහ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ජයගත් තරඟයේ පිතිකරුවෙකු ලෙසද කණ්ඩායමට අවශ්‍ය කරන අකාරයේ ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් විය.

තරඟාවලිය අවසානයේ ජයග්‍රාහී කුසලානය ලබාගනිමින් පසුව අවසන් තරඟයේ තම කණ්ඩායමේ දක්ෂතා ගැන චන්දිමාල් පැවසුවේ මෙවැනි අදහසකි.

“තරඟාවලියේ ආරම්භයේ තරඟ දෙකක් පැරදුන එක අපිට පීඩනයක් වුනා.තරඟාවලිය ජය ගන්න අපේ කණ්ඩායමම එකම විදියට මහන්සි වුනා .අන්තිමට අපිට මහන්සියේ ප්‍රතිපල ලැබුනා.අපි දැනගෙන හිටිය බංගලාදේශ කණ්ඩායම බංගලාදේශයේදී පරාජය කරන එක අමාරු දෙයක් කියල.හැබැයි කරන්න බැරි දෙයක් නෑ.අද තරඟයේ අපිට අවශ්‍ය කඩුලු වේගපන්දු යවන්නන් ලබා දුන්න ,මැද අවශ්‍ය කඩුලු අකිල ගත්ත,ෂෙහාන් පෙන්නුවා ඇයි එයා ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසු කියල.ෂෙහාන් හොඳටම පන්දු යැව්වා.ඒ වගේම දීපු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත..මේ ජයග්‍රහණයේ ගෞරවය යන්න ඕන තව කෙනෙක් ඉන්නවා ඒ තමයි ඇන්ජලෝ මැතිව්ස්.”

චන්දිමාල් එලෙස තම නිත්‍ය නායකයා ගැනද තරඟාවලිය ජය ගැනීමෙන් අනතුරුව මතක් කර සිටි අතර ශ්‍රී ලංකාවට දැන් ඉතිරිව ඇත්තේ T20 තරඟාවලිය සහ ටෙස්ට් තරඟාවලිය ජයගෙන බංගලි භුමියේ වුවද තවමත් ශ්‍රී ලංකාවට බංගලාදේශ කණ්ඩායම යනු පරණ බංගලියන්ම බව ඔවුනගේ ප්‍රේක්ෂකයන්ම ඉදිරියේ ඔප්පු කර සිටීමටය.

ක්‍රිකට් ගැන හැමදේම ඉක්මනින් සහ නිවැරදිව බලන්න පුවතේ ඉහල දකුණු කෙලවරේ ඇති ” LKIE ” Button එක click කර අපගේ ෆේස්බුක් පිටුවට Like  කර අප සමඟ එක්වන්න.

ක්‍රිකට් පිටියේ අපුරු සිදුවීම් බලන්න අපගේ යු ටියුබ් චැනලයට එන්න CLICK HERE


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *