Home » කියපු කථා » මාලිංග ගැන කපිල් දේව් කියූ අපුරු කථාව..

මාලිංග ගැන කපිල් දේව් කියූ අපුරු කථාව..


ඉන්දියාව බිහිකරපු අතිදක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි කපිල් දෙව් කියන්නේ,කපිල් දෙව් වගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඉන්දියාවේ මේ වෙනකම් බිහිවෙලා නෑ කියන කතාව පිළිගන්න කතාවක්.මොකද පිතිකරුවෙක් විදියට ඉතාම හොඳ දක්ෂතා දැක්කුවා විතරක් නෙවෙයි කපිල් පන්දු යැවීමෙනුත් අංක එකේ පන්දු යවන්නෙක්.

මේ කපිල් දෙව් කියන සුපිරි ක්‍රීඩකයා ගැන නෙවෙයි කියන්න යන්නේ කපිල් දෙව් කියන සුපිරි ක්‍රීඩකයෙක් ගැන.
පසුගිය දවසක ඉන්දියාවේ මාද්‍යයක් කපිල් දෙව් ගෙන් ප්‍රශ්නයක් අහල තිබුන,ඒ තමයි අවසාන වසර 10 ලෝකයේ බිහි වුන හොඳම ඩෙත් බෝලර් එහෙමත් නැත්නම් අවසාන පන්දු වාර හොඳටම යවන්න පුළුවන් පන්දු යවන්න කවුද කියල.

ඒකට කපිල් දෙව් හරි අපුරු උත්තරයක් දීල තිබුන,”අන්තිම අවරුදු 10 බැලුවොත් පිතිකරුවෝ තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනුනේ,පිතිකරුවෝ තමයි තරඟ දිනෙව්වේ,එකත් එක්ක පන්දු යවන්නන්ට තියන තැන ගොඩක් අඩු වුනා කියල තමයි මට පෙන්නේ.
හැබැයි ඒ කාලේ දිහා බැලුවම පිතිකරුවෝ පීඩනයට පත් කරලා තරඟ දිනවපු පන්දු යවන්නෙක් විදියට කොදෙව් පිලේ සුනිල් නාරායන් මට හඳුන්වන්න පුළුවන්.ඔහුට පුළුවන් වුනා අන්තිම පන්දුවාරත් හොඳ පාලනයක් එක්ක යොමු කරන්න,

ඒ එක පන්දු යවන්නෙක් මම දැකපු,හැබැයි මම අහපු ප්‍රශ්නයට පිළිතුර විදියට දෙන්නේ පහුගිය අවුරුදු දහයේ පහළොවේ පිතිකරුවන් වඩාත්ම පීඩනයට පත් කරලා තරඟ වැඩිම ප්‍රමාණයක් දිනවපු පන්දු යවන්නා තමයි ලසිත් මාලිංග.
මම හිතන්නේ නෑ,ඔහු තරම් හොඳට අවසාන පන්දුවාර කීපය පීඩනයත් එක්ක යවන්න පුළුවන් පන්දු යවන්නෙක් පහුගිය කාලේ බිහිවුණා කියල,මාලිංග තමයි මගේ තේරීම.

මාලිංග ගැන ඉන්දියාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ඒ ආකාරයෙන් අදහස් පළකලද මාලිංග ගැන අපේ රටේ ක්‍රිකට් ගැන වගකිව යුත්තන්ගේ අදහස නම් ඊට වඩා ගොඩක් වෙනස් අදහසක් ඇති බව මාලිංග සම්බන්දයෙන් අපේ ක්‍රිකට් ලොක්කන් ක්‍රියාකළ ආකාරයෙන් අපට දැකගත හැකි විය.

ක්‍රිකට් ගැන හැමදේම සිංහලෙන් බලන්න  මෙම පුවතේ ඉහල දකුණු කෙලවරේ ඇති LIKE button එක click කර අපගේ ෆේස්බුක් පිටුව සමඟ එකතු වෙන්න.

ක්‍රිකට් පිටියේ අපුරු සිදුවීම් බලන්න අපගේ යු ටියුබ් චැනලයට එන්න CLICK HERE


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *