Home » ක්‍රිකට් ගොසිප් » ලංකාව ගැන ඩිවිලියස් කියපු කථාව බොරුවක්ද..

ලංකාව ගැන ඩිවිලියස් කියපු කථාව බොරුවක්ද..


ක්‍රිකට් ක්‍රීඩාවෙන්  සමුගත් ඩිවිලියස් ශ්‍රී ලංකා ක්‍රිකට් සමච්චලයට ලක් කිරීම සම්බන්ද පුවතක් ගැන අපේ මාද්‍ය වැඩි වශයෙන් වාර්තා කර තිබෙන අකාරය දැකගත හැකි අතර මෙයට පදනම් වන්නේ IPL තරඟාවලිය අතරතුර ඩිවිලියස් කෝලි සහ චහාල් සමඟ ඉන්දීය මද්‍යයක් පැවැත්වූ කඩුල්ල පිටුපස  නම්  වැඩසටහනේදී  දිවිලියස් පලකල අදහසකි.

ඉතා සුහදශීලී පිළිසඳරක් වූ මෙහිදී වැඩසටහන ඉදිරිපත් කරන්නන් නිරතුරුවම හාස්‍යය සමඟ මෙම වැඩසටහන ඉදිරියට ගෙන යන ආකාරය දැකගත හැකිවූ අතර මෙහිදී එක තැනක ඩිවිලියස් විසින් ඕස්ට්‍රේලියා මාද්‍ය වලටද දැඩි ප්‍රහාරයක් එල්ල කරනු දැකිය හැකි විය.ඉන්දියාවේ මාද්‍යයකට පැමිණි ඩිවිලියස්, වවුලගේ ගෙදර පැමිණි විට එල්ලී සිටිය යුතු බව පවසන කථාව නැවත වතාවක් මතක් කරමින් ඉන්දීය මාද්‍ය ඔසවා තබන අතර ඕස්ට්‍රේලියාවේ මාද්‍ය ලෝකයේ ඇති නරකම මාද්‍ය බවද පවසා ඇත.ක්‍රිකට් ගැන දැනුමක්ද නැතිව ඔවුන් ප්‍රශ්න කරන බව පැවසු ඩිවිලියස් එංගලන්තයේ මාද්‍ය වේදීන් ක්‍රිකට් ගැන දැනුමක් තිබුනද ඔවුන්ද නරක මාද්‍ය වේදීන් පිරිසක් ලෙස හඳුන්වා ඇත.

මෙහිදි වැඩසටහන  ඉදිරිපත් කරන්නන් විරාත් කෝලීගෙන් “ඔබලා නිතරම ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කිරීම නවතා දැමීමට නොහැකිදැයි” ප්‍රශ්නයක් අසනවා. වි‍රාත් කෝලී වෙනුවට මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වන ඩීවිලියර්ස් පවසන්නේ ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කරන විට එය ක්‍රිකට් තරගාවලියක් බවට පත් නොවෙන බවයි. (ඕෆ් සීසන්) ඩීවිලියර්ස්ගේ ප්‍රකාශයට සැවොම උස් හඩින් සිනාසෙන අතර ඉන්පසු විරාත් කෝලීට ඩීවිලියර්ස් පවසන්නේ “ඔබලා කවදාවත් ඔවුන්ට (ශ්‍රී ලංකාවට) පරදින්නෙ නෑ, ඉතින් එය ඕෆ් සීසන් එකක් බවට පත් වෙනවා” යනුවෙනි.

මෙම ප්‍රකාශය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට යම් ලැජ්ජාවක් දැනුනද,මෑත කාලයේ කණ්ඩායම් දෙකේ තරඟ සහ කෝලි ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන ආකාරය බලන විට අසත්‍යතාවයක් නැත.මේ ආකාරයෙන් ඇතැම් රටවලට එරෙහිව සුවිශේෂී ලෙස දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතීතයේදී ත් සිට ඇති අතර හොඳම උදාහරණය වන්නේ සනත් ජයසුරිය ඉන්දියා පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කල ආකාරයයි.එකල ජාත්‍යන්තර මාද්‍ය ඉන්දීය පන්දු යවන්නන් සමච්චලයට ලක් කලේ ඉන්දියා පන්දු යවන්නන්ගේ පන්දු වලට ඇස් පියාගෙන වුවද පහර දීමේ හැකියාවක් ජයසූරියට ඇති බව පවසමිනි.ඒ නිසා AB ගේ මෙම ප්‍රකාශය එතරම් දරුණුවට ගත යුතු නැති අතර අපේ ක්‍රීඩකයන් මෙලෙස සමච්චලයට ලක්වන ලෙස ක්‍රීඩා කිරීම නතර කරන්නට හැකිනම් සීයල්ල විසඳෙනු ඇත.

 

 


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *