Home » එසැණින් » එංගලන්තයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරපු විදිය හරිද..

එංගලන්තයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරපු විදිය හරිද..


ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.මෙම තීරණය පුදුම සහගත තීරණයක් වන්නේ මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න තිබුනද ඇන්ජලෝ මැතිව්ස් යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය කාලයේ වඩාත් ස්ථාවරම එක්දින පිතිකරුවා වීම නිසාය.ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වතාවට මව්බිමේ මුහුණ දුන් එක්දින තරඟාවලිය වන දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම එංගලන්තය සමඟ ඉනිමක සාමන්‍යය 46ක් රඳවාගෙන එංගලන්තයට එරෙහිව සාර්ථක පිතිකරුවෙකු ලෙස දක්ෂතා පෙන්වූ තත්වයකදී මේ අකාරයෙන් මැතිව්ස්ට තැන අහිමි වීම එතරම් එකඟ විය හැකි තත්වයක් නොවේ.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරා පිත්තෙන් දක්ෂතා පෙන්වූ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වී ඇති අතර දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රදාන වේගපන්දු යවන්නා වූ සුරංග ලක්මාල් ටද කණ්ඩායමේ තැන අහිමි වී ඇත.කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවී ඈත.

අද නම් කල කණ්ඩායම මෙසේය.

දිනේෂ් චන්දිමාල් – නායක
උපුල් තරංග
සදීර සමරවික්‍රම
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
දසුන් ශානක
තිසර පෙරේරා
අකිල ධනංජය
දුෂ්මන්ත චමීර
ලසිත් මාලිංග
අමිල අපොන්සු
ලක්ෂාන් සඳකැන්
නුවන් ප්‍රදීප්
කසුන් රාජිත
කුසල් ජනිත් පෙරේරා

අමතර
ෂෙහාන් මදුශංක
කුසල් මෙන්ඩිස්
දිමුත් කරුණාරත්න
සුරංග ලක්මාල්
ජෙෆ්රි වැන්ඩර්සේ


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *