Home » දේශීය පිටිය » චන්දිගේ තැන අසලංකට..

චන්දිගේ තැන අසලංකට..


ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක්වූ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගි නොවන බව මේ වනවිට තහවුරු වී ඇත. ඒ අනුව එංගලන්තයට එරෙහි මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
චන්දිමාල්ගේ පුරප්පාඩු වන පිතිකරණ ස්ථානය සඳහා යොවුන් ක්‍රීඩක චරිත අසලංක කැඳවා ඇති අතර ඔහු පිතිකරුවකු ලෙස මෙන්ම පිට දඟ පන්දු යවන්නෙකු ලෙසද දක්ෂතා දැක්විය හැකි මෑත කාලයේ හොඳින් දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක් ලෙස හැඳින්විය හැක.
පල්ලෙකැළේ තරගයේදී චන්දිමාල්ගේ සේවය මෙන්ම අන්තර්ජාතික ටෙස්ට් පිටියේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාද වූ රංගන හේරත්ගේ සේවයද ශ්‍රී ලංකා පිලට අහිමි වෙයි. ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී රංගන හේරත් ටෙස්ට් පිටියෙන් සමුගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙසින් පසුබෑමට පත්ව සිටින බැවින් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකුගේම අහිමිවීම බරපතළ පාඩුවක් වන නමුත් ඉදිරියේ එන තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටී.
චන්දිමාල්ගේ ආබාධය සුවවීමට තවත් සති දෙකක පමණ කාලයක් අවශ්‍ය වන හෙයින් ඔහුට ඒ සඳහා අවශ්‍ය තරම් විවේකය සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය තීරණය කර තිබේ. එංගලන්ත පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරගාවලි මාලාවකටම මුහුණ දීමට නියමිත හෙයින් චන්දිමාල්ගේ ආබාධය සමග අවදානමකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු කැමති නොවෙති.
ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වැනි ටෙස්ට් තරගය නිමාවීමට නියමිතව ඇත්තේ මේ මස 27 වැනිදාය.එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය නිමාවී දෙසතියක් ඇතුළත ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් සහ එක්දින තරගාවලිය ආරම්භ වේ. ඉන් අනතුරුව ඕස්ටේ්‍රලියාවට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව තවත් තරගාවලි දෙකකි. දෙසැම්බර් මස 15 වැනිදා සිට පෙබරවාරි 25 වැනිදා දක්වා අතර කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 6 කට සහභාගි වීමට නියමිතය.

…………………………………….කෙළිමඩල ඇසුරෙනි……………………………………


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *