Home » විදෙස් පිටිය » වර්ෂාවට ඉන්දියාවේ බලාපොරොත්තු සේදී යයි..

වර්ෂාවට ඉන්දියාවේ බලාපොරොත්තු සේදී යයි..


සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව පළමු තරගය ජයගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ 1-0 ක් ලෙස තවදුරටත් පෙරමුණේ පසුවන අතර ඉන්දියා කණ්ඩායමට තරඟාවලිය ජයගැනීම සඳහා තිබු බලාපොරෝතුවද වැස්සෙන් සේදී ගිය අතර,
දෙවන තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 132 ක් පමණි.
ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයට ලක්ව සිටි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට අපොහොසත්වූහ. පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කළ බෙන් මැක්ඩොමට් ඕස්ටේ්‍රලියා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා විය.
බුවනේෂ්වර් කුමාර් සහ ඛලීඞ් අහ්මඞ් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.වර්ෂාව නැවතීමත් සමගින් අවස්ථා කිහිපයකදී යළි තරගය ආරම්භ කිරිමට උත්සහ දැරුවද යළිත් වර්ෂාව ඇද හැලීම හේතුවෙන් නියමිත කාළය තුලදී තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් හිමිනොවීය.


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *