Home » දේශීය පිටිය » එංගලන්තය ජයග්‍රහණයෙන්, වසර 55 ක වාර්ථාවක් අලුත්වේ…

එංගලන්තය ජයග්‍රහණයෙන්, වසර 55 ක වාර්ථාවක් අලුත්වේ…


ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අයිතිකරුවන් වුවත් කිසිදාක ශ‍්‍රී ලංකාවේදී නොලද සම්පූර්ණ ටෙස්ට් තරගාවලි  3-0 ජයක් වාර්තා කළ එංගලන්ත පිල ඊයේ (26) දා* එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් සත්කාරකයන්ව ලකුණු 42 ක පරාජයකට ඇද දැමුවේය.

තම මව්බිමෙන් පිටතදී එංගලන්තය 3-0 කින් ටෙස්ට් තරගාවලියක් ජය ලැබුවේ වසර 55 කට පසුවීමද විශේෂත්වයකි. මීට පෙර ඔවන් මෙවැනි හපන්කමක් දක්වා ඇත්තේ 1963 වසරේදීය. ශ‍්‍රී ලංකාවද මව්බිමේදී මීට පෙර ටෙස්ට් තරගාවලියක් 3-0 කින් පරාජය වී ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවට සහ ඉන්දියාවට පමණි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පරාජය ඉතිහාස ගත වෙද්දී යළිත් වරක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගමන් කරන්නේ කොතැනකටද යන්න ප‍්‍රශ්නාර්තයක් ඉතිරිව තිබේ. එංගලන්තය මෙවර ශ‍්‍රී ලංකාවේදී සම්පූර්ණ ක‍්‍රිකට් තරගාවලි ත‍්‍රිත්වයක්ම ජය ගැනීමට සමත් වූයේද පළමු වරටය. එක්දින තරගාවලිය 3-1 ක් වශයෙන් සහ විස්සයි විස්ස තරගය මෙන්ම ටෙස්ට් තරගාවලියද ඔවුන් ජය ගත්තේය.

සිව්වැනි ඉනිමේදී ලකුණු 327 ක ඉලක්කයක් යනු සුළු පටු අභියෝගයක් නොවුනද ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට එම අභියෝගය ජය ගැනීමේ හැකියාව පෙනෙන්නට තිබුණි. නමුත් සුළු සුළු වැරදි කිහිපයක් එකතු වීමේ පළවිපාකය පරාජය තුරුළු කර ගැනීමක් බව යළිත් වරක් ශ‍්‍රී ලංකා පුහුණුකරු ඇතුළු ක‍්‍රීඩකයන්ට ඒ්ත්තු ගන්වමින් ශ‍්‍රී ලංකාව පරාජයේ මාවතට යළිත් සේන්දු විය.

පළමු කඩුලූ පහ ලකුණු 82 දී බිඳ වැටුණද ශ‍්‍රී ලංකාව ජයග‍්‍රාහී මායිම පෙනෙන තෙක් මානය දක්වා ඇදගෙන ගිය කුසල් මෙන්ඩිස් සහ රොෂේන් සිල්වා හය වැනි කඩුල්ලට ලකුණු 102 ක සබඳතාවක් පැවැත්වුවද අනවශ්‍ය දුවද්දී දැවී යාමකින් එම සබඳතාවට තිත වැටුණි. පන්දු රකිමින් සිටි ලීච්ගේ අතේ පන්දුව තිබෙද්දී දෙවැනි ලකුණටත් මෙන්ඩිස් සහ රොෂේන් යුගල දිව යද්දී පන්දු රකින අන්තයේ කඩුල්ලට ලීච් කෙලින්ම පන්දුව යොමු කරමින් ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම සබඳතාව විනාශ කර දැමුවේය. ලකුණු අහේනියකින් විවේචනයට බඳුන්ව සිටි මෙන්ඩිස් පන්දු 129 කදී හයේ පහරක් සහ හතරේ පහර අටක් සමග ලකුණු 86 ක් ලබා ගත්තේය.

රොෂේන් සිල්වා පන්දු 161 ක් වැය කරමින් අර්ධ ශතකයක් (65* ලබා සිටියදී මොයින් අලීගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් විය. නමුත් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය පන්නා යෑමට තිබු අවසන් අවස්ථාව ගිලිහී ගියේ නිරෝෂන් දික්වැල්ලගේ වගකීම් විරහිත පිති ප‍්‍රහාරය යළිත් ටෙස්ට් තරගවලදී පෙන්වමිනි. නමුත් නම් දෑරූ පිතිකරුවන් සියල්ල ක‍්‍රීඩාගාරයේ තිබියදී එංගලන්ත ජයග‍්‍රහණය පමා කරමින් තම සඟයන්ට සටන්කාමී පිති ප‍්‍රහාරයක් විදහා දැක්වූ සුරංග ලක්මාල් සහ මලින්ද පුෂ්පකුමාර යුගල අවසන් කඩුල්ලට ලකුණු 58 ක සබඳතාවක් පැවැත්වූහ. එහිදී නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩා කළ මලින්ද සිය වැඩිම ටෙස්ට් ඉනිම සටහන් කරගත්තේ පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 42 ක් ලබා ගනිමිනි. නායක සුරංග ලක්මාල් පන්දු 37 ක් පුරා කඩුල්ල රැුක ගත්තද ඉන් අනතුරුව ඔහු මුහුණ දුන් පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් එංගලන්තයට ඉතිහාසගත ජය සැමරීමේ අවස්ථාව උදා විය.

එංගලන්ත දඟ පන්දු යවන ක‍්‍රීඩක ජැක් ලීච් තමාට කිසිදා අමතක නොවන තරගයක් බවට මෙය පත්වූ බව තරගයෙන් අනතුරුව පැවසීය. ඔහු දෙවැනි ඉනිමේදීත් කඩුලූ හතරක් උදුරා ගත්තේ ශ‍්‍රී ලංකාවේ පරාජය ඉක්මන් කරමිනි. අවසන් තරගයේ වීරයා වශයෙන් ජොනී බෙයාර්ස්ටෝ සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය මංගල ටෙස්ට් තරගාවලියේදීම දිනා ගැනීමට එංගලන්ත කඩුලූ රකින ක‍්‍රීඩක බෙන් ෆෝක්ස් සමත් විය.

…………………………………..දිවයින ඇසුරෙනි…………………………


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *