අවසන් තරඟයේ අවසාන පන්දුවාරයේ අවසාන පන්දුවෙන් ආසියානු ශුරයන් තීරණය වේ..

ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කළ ඉන්දියානුවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී  පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 3 කින් බංග්ලාදේශය පරාජය කරමින් හත්වැනි වතාවටත් ආසියානු ක්‍රිකට් කුසලානය තමන් සතුකරගත්හ. දෙවතාවක්ම ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් නමුත් එක වතාවක් හෝ එහි ජයපැන් බීමට බංග්ලාදේශ පිල අපොහොසත් වී තිබේ. ලකුණු 223 ක පහසු ඉලක්කයක් …

Read More »

ආසියාවේ ක්‍රිකට් කිරුළ ඉන්දියාවටද,බංගලාදේශයටද…?

ඉදිරි දෙවසර සඳහා ආසියානු ක‍්‍රිකට් කිරුළේ සැබෑ අයිතිකරුවන් තීරණය කරන මහා සටන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අද (28 දා* ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට ආරම්භ වීමට නියමිතය. 14 වැනි ආසියානු ක‍්‍රිකට් කිරුළේ සින්නක්කර අයිතිය වෙනුවෙන් සටනට එන ඉන්දියානුවන් ක‍්‍රිකට් ලොව අමාරුකාරයන් බව කවුරුත් දන්නා කරුණකි. ආසියාවේ පෙරළිකාර ක‍්‍රිකට් කණ්ඩායම වෙමින් දෙපයින් නැගී සිටින …

Read More »

ආසියා කුසලානය ගෙන ඒමේ අරමුණෙන් ශ්‍රී ලංකාව බංගලාදේශයට..

මේ මස 27 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 වැනිදා) රාත්‍රීයේදී පිටත්ව යෑමට නියමිතව ඇත. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජයට හිමිව තිබේ. “ඉන්දියානූ සංචාරයෙන් පසුව ආසියානු කුසලාන සඳහා මාසයක …

Read More »

එංගලන්තයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරපු විදිය හරිද..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.මෙම තීරණය පුදුම සහගත තීරණයක් වන්නේ මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න තිබුනද ඇන්ජලෝ මැතිව්ස් යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය කාලයේ වඩාත් ස්ථාවරම එක්දින පිතිකරුවා වීම නිසාය.ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වතාවට මව්බිමේ මුහුණ දුන් …

Read More »

වසරකට පසු මාලි එද්දී ,වසර එකහමාරකට පසුව දිල්රුවන් එක්දින කණ්ඩායමට..

සැප්තැම්බර් මස 15 වැනිදා සිට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ප්‍රවීන ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග සහ ඩිල්රුවන් පෙරේරා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීමේ කමිටුව පියවර ගෙන තිබේ. තිස්පස් හැවිරිදි ලසිත් මාලිංග, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යතන්තර තරග 204 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව …

Read More »

ගාල්ලෙන් කොළඹ ආපු තරංග ගාල්ලට පහර දෙයි…

උපුල් තරංගගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ගාල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් ලකුණු 90 ක පහසු ජයක් අත්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 107 කට සීමා කිරීමට අකිල ධනංජය සහ ළහිරු මධුෂංක ප්‍රමුඛ කොළඹ කණ්ඩායමේ …

Read More »

ඉදිරි T20 තරඟාවලියේ පුහුණු කරුවන්, නායකයන් සහ කණ්ඩායම් මෙන්න…

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි – 20 ලීග් තරගාවලිය මේ වසරේ මෙම අගොස්තු මස 21 වැනිදා සිට සැප්තැම්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරඟාවලිය සඳහා වන ක්‍රීඩක සංචිත පසුගියදා නම් කල අතර මේ වන විට කණ්ඩායම් හතර සඳහා පුහුණු කරුවන්ද නම් කර ඇත. මේ අනුව ගාල්ල කණ්ඩායම රෝයි ඩයස් යටතේද,කොළඹ කණ්ඩායම අවිශ්ක ගුණවර්ධන යටතේද,නුවර කණ්ඩායම පියල් විජේතුංග යටතේද,දඹුල්ල කණ්ඩායම සුමිත් …

Read More »

දකුණු අප්‍රිකා නැගී එන පිළටත් යනඑන මං නැති වෙයි..

සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන ක්‍රිකට් පිල සමඟ ඊයේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 2ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් පිල සමත් විය. මේ සමගින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු වූයේ 3-0කිනි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු නැඟී එන පිල ලකුණු 223කට සීමා කළ ශ්‍රී ලංකා …

Read More »

ගෞරවය පිලිබඳ ඉරණම විසඳෙන තරඟයේ කණ්ඩායම් දෙක කොහොම වෙයිද..

දකුණු අප්‍රිකාවට සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරඟාවලියේ අවසාන තරඟය ලෙස පැවැත්වෙන T20 තරගයට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින අතර නිරෝෂන් දික්වැල්ල සංචිතයේ නොමැති වීම නිසා චන්දිමාල්ට කණ්ඩායමට පැමිණීමට ඉහල අවස්ථාවක් ඇත. ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් 5 දෙනා ලෙස …

Read More »

අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසූ ශ්‍රී ලංකාව ලැබූ ගෞරවනීය පරාජය..

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 178 ක දැවැන්ත ජයක් අත්කරගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගාවලියේ අවසන් තරග දෙකේදීම ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට හිමිවූ නමුත් පළමු තරග තුනම ජයගත් දකුණු අප්‍රිකානුවෝ 3-2 ක් ලෙසින් එක්දින තරගාවලිය ජයගත්හ. තරගයේදී දකුණු අප්‍රිකානුවන් මුහුණ …

Read More »